Latestදේශීය

අයවැය, නාමල් සහ මහින්ද

පසුගිය කාලය පුරාම දේශපාලන පිටියේ කතා බහට ලක්වූයේ අය වැයට වෙන්නෙ මොකද කියාය. ඒ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අයවැයට සහාය දෙන්නේ ජනතාවට සහන දුන්නොත් පමණක් බව පැවසීම නිසාය.

පසුගියදා නාමල්ගේ නිවසේ මන්ත්‍රීවරුන් පිරිසක් මුණ ගැසුණු අතර එහිදී ඉදිරි අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කෙරිණි.

පසුගිය බදාදා නාමල් සිය පියාවන මහින්ද රාජපක්ෂ මුණගැසීමට පැමිණියේය.

‘මම නම් මේපාර අයවැයේදී ජනතාවට සහන දෙන්නෙ බැරිනම් ඊට් සහාය දෙන එක ගැන හිතලා බලන්න වෙනවා’ නාමල් පැවසීය.

‘ඔව් මන්ත්‍රීවරයකු විදියට ස්වාධීන තීරණ ගන්න එක හොදයි හැබැයි ඔයා මීට වඩා මේ ගැන හොයලා බලන්න. ඔයාට තියෙන්නෙ හැම කෙනාගෙන්ම මේ ගැන අහන්න.විශේෂයෙන්ම පක්ෂ ජේශ්ඨයින් හිටපු මුදල් අමාත්‍යවරු එහෙම මුණ ගැහිලා අදහසක් අරගන්න’ මහින්ද හිටපු ජනාධිපතිවරයා නාමල්ට පැවසීය.

‘ඔව් මම ත්‍රීවීල් මල්ලිලාගෙ ගොවීන්ගෙ ඉදන් සමාජයේ ඉන්න හැමෝගෙන්මත් අදහස් අහනවා.ඒ වගේම පක්ෂ ජේශ්ඨයින් ,හිටපු මුදල් අමාත්‍යවරුන්,මුදල් ලේකම්වරු,මහබැංකු අධිපතිවරු, වෘතිකයින් වගේ තෝරාගත් පිරිසකගෙන් අදහස් ලබාගන්න කටයුතු කරන වැඩ පිලිවෙලක් කරගෙන යනවා මේ සතියෙ ඉදන් ඒක පටන් ගන්න යන්නෙ. ඒ වගේම මම ඒ අයගෙ නිවාස වලට ගිහින් මේ ගැන කතා කරන්න තමයි යන්නෙ’ නාමල් පැවසීය.

‘ඔව් එහෙම කරන එක බොහොම හොදයි දිගටම එහෙම කරගෙන යන්න’ මහින්ද රාජපක්ෂ නාමල්ට පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ මේ සතියේ සිට පක්ෂ ජේශ්ඨයින් වෘත්තිකයින්,හිටපු මහබැංකුවේ අධිපතිවරු මුදල් ලේකම්ලා ඇතුළු පිරිස ගෙයින් ගෙට ගොස් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය.

මීට අමතරව මේ සතියේදී පොහොට්ටු මහලේකම් සගර කාරියවසම් හා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂවද මේ සතියේ මුණ ගැසී තිබිණි.

@ Repoter


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *