තෙල් දුන්න සල්ලි දැන් ගෙවන්න – ඉන්දියාව
ඉන්ධන හිඟයෙන් පෝලිම් අති වූ සමයේ ඉන්දියාවෙන් ණය පදනම මත ලබාගත් ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 23,150ක් ඉදිරි සති දෙකකට අඩු කාලයකදී ආපසු ගෙවීමට සිදු වී තිබේ.

මෙම ගෙවීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතියද ලබා දී ඇත. එහෙත් මෙසේ ඉන්ධන වෙනුවෙන් ඉන්දියාවට ගෙවීමට ඇති මුළු මුදල කොපමණ දැයි ආණ්ඩුව හෙළි කර නැත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන ඇතුළු පෝලිම් අවසන් කළ බවට ප්‍රචාරය ගෙන ගියත් ඉතාම කෙටි කාලයක් තුළදී විදේශයන්ට ගෙවිය යුතු මෙවැනි ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට සිදු වී ඇති බව මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

