Latestවිදේශීය

නේපාලයට භූ කම්පනයක්, ඉන්දියාවටත් බලපෑම්

නේපාලයේ බටහිර ප්‍රදේශයට ඊයේ (03) රික්ටර් මාපාංක 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එයි බලපෑම ඉන්දියාව දක්වා විහිදී ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙක් මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයේ නිවාස බොහෝමයක් කඩා වැටී ඇති අතර ඉන්දියාවේද නවදිල්ලි දක්වා ගොඩනැගිලි කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක 6.4ක් ලෙස වාර්තා කළද ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරන්නේ රික්ටර් මාපක 5.7ක් ලෙස ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *