මත් උවදුරට එරෙහිව බුද්ධි අංශයක් – ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්
(මහීපා දෙව්මිණි සිල්වා)
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බළකායේ මූලිකත්වයෙන් සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට සැලසුම් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බළකායේ හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ විසිරයෑමේ ළෙපාලියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ කුසලතාවලින් පිරි දරුවන්ගේ සහ ශිෂ්‍යභට බළකායේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායම් හර්මන් ලුස් සහ ද සොයිසා ශූරතාව හිමි කරගත් අතර ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සම්මාන ප්‍රදානය කිරීමද මෙහිදී සිවිය.
මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික පූජකවරන්ද, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

