සීනි – උපරිම සිල්ලර මිළ මෙන්න
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

