මහේල, ප්‍රමෝද්‍ය එලවන්න කලින් ඉල්ලා අස්වෙන්න – හේෂා විතානගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එන මුදල් කන්දරාව හොර රැලකට හොරකම් කිරීමට ඉඩ දී ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක් නොවී සිටින ට වඩා එම හොරු එළවා දමා රටේ ක්‍රිකට් නැතුව සිටීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
කොන්ද කෙලින් තියාගෙන බය නැතුව තීන්දුවක් ගන්නා ලෙස ක‍්‍රීඩා ඇමතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියි.

එසේ කරන තුරු නොසිට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වහා ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවද එසේ නොකරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ජනතාව ඊට එරෙහිව නැගී සිටිනු ඇති බවද හෙතෙම පවසයි.
මහේල ජයවර්ධන හිටපු ක්‍රිකට් නායකයාට මාසයකට රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවීමට අදාල වටිනාකමක් ලැබෙන්නේ දැයි කල්පනා කළ යුතු බවත් ඔහු තවදුරටත් පුහුණුකාර ධුරයේ රෙදි ඇඳන් ඉන්න පුළුවන් දැයි මන්ත‍්‍රීවරයා ප්‍රශ්න කළේය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පොරටෝක් මේ වන විට බලු වී ඇති බවත් ඔවුන් එලවවන තෙක් නොසිට ඉල්ලා අස්වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

