Latestක්‍රීඩා

එංගලන්තය පරදා ඔස්ට්‍රේලියාව ජයගනී

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගය ඊයේ (04) පැවැත්වුණි.

එම තරගය ලකුණු 33කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49 පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 286ක් පමණි.

තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිවූ ඉලක්කය ලකුණු 287කි.

එම ඉලක්කය හඹා ගිය එංගලන්තය පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 253ක් පමණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *