Latestදේශීය

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කැබිනට් පත්‍රිකාවක්

MOP පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් පවතී.

ඒ අනුව එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් සියයට 50ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව බණ්ඩි පොහොර මිල සියයට 50කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබෙනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

වලස්මුල්ල ඔමාර ගම්මානය දෙවන අදියරේ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා (05) ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *