Latestක්‍රීඩා

ආබාධිත තනි මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව දිනවයි

ලෝක කුසලාන තරඟාවලි යටතේ ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟයෙන් ඕස්ට්‍රේලියාව කඩුළු 3ක තියුණු ජයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5 කට ලකුණු 291 ක ඉලක්කයක් ඕස්ට්‍රේලියාවට ලබා දුන්නේය.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට සිය මුල් කඩුලු 7 ලකුණු 91ක් තුළ බිඳ වැටුණි.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ග්ලෙන් මැක්ස්වෙල් හා නායක පැට් කමින්ස් එක්ව ලකුණු 293ක් තුනක් දක්වා නොබිඳුණු සබඳතාවක් පවත්වමින් තරගය ජය ගත්තේය.

මැක්ස්නෙග් හයේ පහර දහයක් සමග දකුණු 201ක් වාර්තා කරන ලද්දේ ඔහුට ඇතිවූ ආබාධයක් සමගින් ක‍්‍රිඩා කරමිනි.

පාදයේ ආබාධය මත ඔහුට දිවීමට නොහැකි වූ නිසා මත හයේ හතරේ පහර වලින් පමණක් ඔහු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

මෙම ජයග්‍රහණ සමඟ ඔස්ට්‍රිලියානු කන්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *