Latestදේශීය

නුවරඑළිය තැපැල්හල රැකගන්න විදේශිකයෝ ද එක්වෙති

දෙස් විදෙස් සංචාරකයන්ගේ මහත් ගෞරවයත් ආදරයත් දිනාගෙන තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි අලංකාරවත් පෞරාණික ගොඩනැගිල්ල හෝටලයක් සඳහා ලබා දීමට එරෙහිව විදේශිකයන් පවා විරෝධය පල කරන තත්වක් උදා වී තිබේ.

ඔවුන් පවසන්නේ තමන්ට නුවරඑළියට පැමිණි පසු නවාතැන් ගැනීමට ප්‍රමාණවත් තරම් හෝටල් ඇති නමුත් නැරඹීමට ඇත්තේ එක් රාජකීය තැපැල් තැපැල් කාර්යාලයක් පමණක් බවයි. එබැවින් එය අනාගතය සඳහා සුරකින්නැයි විදේශික ජනතාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

නුවරඑළිය තැපැල් කාර්යාලය හෝටලයක් සඳහා ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන අතර පසුගිය 04 වනදා ජනාධිපති විසින් තැපැල්පති ඇතුළු නිලධාරීන්ට තර්ජනය කරන ලදී. ඊට එරෙහිව අද (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ පැය 48ක වර්ජනයක්ද ආරම්භ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *