Latestදේශීය

බස් රථ අනතුරෙන් 13 දෙනෙක් නාගොඩ රෝහලට

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවය.

එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මඟින් 60 දෙනෙක් පමණ ගමන් කර ඇති බව සඳහන්ය.

තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *