Latestදේශීය

රනිල් සහ රොෂාන්ගෙන් අද විශේෂ ප්‍රකාශ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

එහිදී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම හා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළ කරනු ඇතැයි වාර්තා වෙයි.

නව මැතිවරණ ක්‍රමයක් යටතේ එළැඹෙන පළමු ජාතික මැතිවරණය පැවැත්විය හැකි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද ඊයේ දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තමන් අද දිනයේ ක‍්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදු කරන බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *