Latestදේශීය

තැපැල් වැඩ වර්ජනය අද රාත්‍රියෙන් අවසන්

තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය අද (09) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් ඊයේ (08) සිට තැපැල් සේවකයින් මෙම වැඩ වර්ජනයේ නිරත වේ.

කෙසේවෙතත් තැපැල් සේවය අත්‍යවශ්‍යය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි ඊයේ පස්වරුවේ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එමෙන්ම ඊයේ දින සිට දින 03ක් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *