Latestදේශීයනවතම ලිපි

රනිල්ගේ කෝපය ටාජ් සමුද්‍රා වෙනුවෙන් නම්?

පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ජනපතිවරයා විසින් කෝපයෙන් ප්‍රශ්න කර තැපැල්පතිවරයාගෙන් ඉල්ලා සිටි ඓතිහාසික සහ සංචාරක වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාලය ඉන්දියානු ටාජ් සමුද්‍රා හෝටල් සමූහයට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ බව ඊයේ කැබිනට් හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා ඇත.

අමාත්‍ය ගුණවර්ධන කියා සිටියේ නුවරඑළිය තැපැල් කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ තීන්ත ආලේප කිරීමට නොහැකි, රජයට නඩත්තු කළ නොහැකි ඉතා අබලන් තත්ත්වයක පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතියට විරුද්ධව විදේශ සංචරකයන් පවා සිය විරෝධය පළ කළ බවට වාර්තා පළවී ඇත. රටේ පැරණිම තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් වන මෙම ස්ථානය අදටත් බොහෝ දෙනෙක් තම සංචාරයන්හිදී නරඹන සහ හොඳින් නඩත්තු වන ස්ථානයක බවයි බොහෝ දෙනා පවසන්නේ.

@slleader.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *