Latestක්‍රීඩාදේශීය

අපහාස නිසා ක‍්‍රීඩකයන් මානසිකව වැටිලා.. ඒකයි පරදින්නේ – ක්‍රිශාන්ත කපුවත්ත

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් රට තුල ඇති වී තිබෙන අර්බුද හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මානසිකව වැටී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

බංගලදේශයේ සමග පැවති තරඟය පෙරවරුවේ මෙම කලබගෑනිය ආරංචි වීම හේතුවෙන් පුහුණු කරුවන් සහ කණ්ඩායමේ ක්‍රීඩකයන් ද බොහෝ බිය වී තිබූ බව ද ශ‍්‍රී ලංකා ක්‍රිකට් වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහතා පැවසීය.

පුහුණුකරුවන් ලබාගන්නා වැටුප් ගැන කිසිදු සදාචාරයක් නැතිව සමාජ ජාල ඔස්සේ ප‍්‍රසිද්ධියේ විවේචන එල්ල වීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික කලකිරීමට පත්ව තිබෙන බවත් ඔහු සදහන් කරයි.

එවන් තත්වයකට මානසිකව වැටුණු පසු ක්‍රීඩාව දිනවිය නොහැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *