රොෂාන් ඇමතිධූරයෙන් ඉවතට ?
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.
ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ඔහු විසින් එල්ල කරන දැඩි විවේචන හා ඉන් අනතුරුව ඇති වී තිබෙන තත්ත්වයන් මත මෙම පියවර ගැන සලකා බලමින් ඇතැයිද වාර්තාවන්හි සඳහන්ය.
මේ පිළිබඳව ඊයේ දින පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡාවක් පැවැත් වී ඇති බවද එම වාර්තාවන් හි දැක්වේ
කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ආරක්ෂාව ඉහළ දමා තිබේ.
ඒ ඔහුට ජීවිත තර්ජන ඇතැයි බුද්ධි අංශ විසින් කර ඇති දැනුම් දීමක් මත ය.
රොෂාන් රණසිංහ මහතාද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තමන්ට ජීවිත තර්ජන ඇති බවත් තම ගමන් බෑගයට මත්ද්‍රව්‍ය දැමීමට උත්සාහ දරා තිබෙන බවත්ය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

