අමාත්‍යවරයා එලවීමට පෙර අමාත්‍යවරයාව එලවනවා – ශම්මි සිල්වා
ක්‍රිකට් කණ්ඩායම තරග පැරදුනාට වඩා තමන්ට දුක දැනෙන්නේ තමන් හා තම කණ්ඩායම හොරු යැයි එල්ල වන චෝදනා නිසා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ හමුවට තමන් යන බවත් එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඔහු පවසයි.
නැවත තහනම ඉවත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් සහතිකයක් අවශ්‍ය කරන බවද හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් වර්තමාන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ බලය අඩු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් එසේ නැතිව ඔහු සමඟ තව ඉදිරියට යා නොහැකි බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා තමන්ව එලවීමට පෙර අමාත්‍යවරයා වෙන තැනකට යැවීමට කටයුතු කිරීමට සිදුවන බවද පැවසූ ඔහු තවත් දින තුන හතරකින් තමන්ගෙන් ඒ ගැන විමසිය හැකි බවද පැවසීය.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

