Latestදේශීය

රොෂාන් රණසිංහ ඇමතිධූරයෙන් ඉවතට?

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙම සතියේදී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ බව මීට පෙර රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කලේය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් වූ මත ගැටුම් හේතුවෙනි.

රොෂාන් රණසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඩේලි මිරර් වාර්තා කරයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *