Latestදේශීය

මහජන ධනය අවභාවිතය, රනිල් සහ සාගල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරවල යෙදෙන බව පවසමින් ලෝකය පුරා යන ගමන්වලට සාගල රත්නායක ගෙනයන අතර ඔහු යටතේ තවත් විශාල පිරිසක් රැගෙන යමින් මේ වනවිට රුපියල් කෝටි 11කට අධික මහජන ධනයක් වැය කර ඇති බව අනාවරණය වේ.

විශේෂයෙන්ම පසුගිය මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමරිකාවේ සංචාරයේ යෙදුණ අවස්ථාවේ සාගල රත්නායක අවම වශයෙන් ඔහුගේ පුද්ගලයින් 06 දෙනෙකුද මෙම සංචාරයට එක්කරගෙන ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 11කට අධික මුදලක් ජනාධිපති වැය ශීර්ෂයෙන් වියදම් කර ඇති බව හෙළි වේ. මෙම සංචාරය සඳහා සහභාගී කර ගත් සියලුම දෙනා දෙනියායේ පුද්ගලයින් බව වැඩිදුරටත් හෙළි වේ.

සාගල රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මේ ආකාරයෙන් මහජන ධනය අවභාවිතා කරමින් සිටින එක් ආකාරයක් පමණක් මෙලෙස හෙළි වෙමින් තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *