විදුලි බිලට එරෙහිව අරගලය දිගටම – ඕමල්පේ සෝභිත හිමි
තම පන්සලට සෝලා පද්ධතියක් සවි කලත් විදුලිබිල වැඩිවීමට එරෙහිව පාරිභෝගිකයාට සහනයක් ලබාදීම වෙනුවෙන් අරගල අත් නොහරින බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝණායක ආචාරිය ඕමල්පේ සෝභිත හිමියන් කීය.
උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ලක්ෂ 70ක වියදමින් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය සදහා සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම සදහා සෝලා පද්ධතියක් සවිකර එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම සූර්ය බල පද්ධතිය සිංගප්පූරුවේ සිටින බෞද්ධ විදේශිකයින් පිරිසක් විසින් පරිත්‍යාග කල එකකි.
මෙහිදී පැමිණ සිටි විදේශිකයන් විසින් සිවුරු 80ක පූජාවක්, ගැබිණි මාතාවන් සදහා අවශ්‍ය උපකරණ, දිලිදු පවුල් සදහා සහල් ප්‍රධානය ඇතුලු තවත් පිංකම් රැසක් සිදු කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

