Latestක්‍රීඩාදේශීය

අරවින්ද ද සිල්වාට ලැබුණු ICC ඉහළම ගෞරව නාමය

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිනමන Hall of Fame ගෞරව නාමයෙන් පිදුම් ලැබී ය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා 1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ශතකයක් රැස් කළේ ය.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6,361කි.

එක්දින තරග 308කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අරවින්ද ද සිල්වා ලකුණු 9,284 රැස් කරගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ඉහළම ගෞරව නාමය වන්නේ මෙයයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *