Latestදේශීය

අයවැය ගේන රජයට සිදුවූ දේ මේකයි – ශෙහාන් සේමසිංහ

(අංජුල මහික වීරරත්න)

 ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 2024 වර්ෂය1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 

මෙවර අයවැයේදී රාජ්‍ය සේවකයින්, දිළිදු හා ආර්ථික වශයෙන් අවදානම් සහගත පවුල් වෙනුවෙන් මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා විශේෂයෙන් අවධානය යොමු කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රජය  මේ වන විට වැඩකරමින් සිටින්නේ, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්, රාජ්‍ය වියදම රුපියල් බිලියන 6978ක් සමඟ අයවැය හිගය රුපියල් බිලියන 2851ක් වන ප්‍රධාන ඉල්ලක්කම් සමග බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

128%ක්ව පැවති ණය බර ප්‍රමාණය 95%ක් දක්වා අඩුකිරීම, මුල්‍යම අවශ්‍යතාව 34.6% සිට 13% දක්වා අඩුකිරීම සහ විදේශීය ණය සේවා කරණය අද පවතින 9.4% සිට 4.5% දක්වා අඩු කිරීම යන කාරණා පාදක කරගනිමින් අපට 2024 අයවැය ඉදිරිපත් කිරීමට රජයට සිදු වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *