ආර්ථික අර්බුදයට මහින්ද,බැසිල්,ගෝඨාභය වගකිවයුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය
රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, හිටපු මුදල් ඇමතිවරු වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවත් එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු ඊයේ (14) තීන්දු කර තිබේ.
එමෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය එහි සෙසු වගඋත්තර කරුවන්ය.
උක්ත තීන්දුව ලබා දෙන් ලැබූවේ, වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කරමිණි.
ඒ අනුව මෙම නඩුවට ගොනු කර ඇති වගඋත්තර කරුවන්ට රුපියල් 150,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද නියෝග කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

