Latestවිදේශීය

කොන්දේසි සහිතව එකඟයි – හමාස් සංවිධානය

තමන් විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම් සඳහා එකඟ වන්නේ නම් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කිරීමට එකඟ බව හමාස් සංවිධානය පවසයි.

ඔවුන් කටාර් බලධාරීන්ට දැනුම්දී ඇත්තේ දින 5ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වන්නේ නම් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් දරුවන් සහ කාන්තාවන් 70ක් නිදහස් කිරීමට ඔවුන් පියවර ගන්නා බවයි.  

හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිදා විසින් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් ගිණුමට නිකුත්කළ හඬ පටයක ඒ බව සඳහන් වෙයි.

එසේම ඊශ්‍රායලය මේ වනවිට රඳවාගෙන සිටින පලස්තීන ළමුන් 200ක් සහ කාන්තාවන් 75ක් ද ඔවුන් නිදහස් කළ යුතු බව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන කටාර් බලධාරීන් ට හමාස් සංවිධානය දැනුම්දී තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *