ගොඩනැගිලි 14000ක් නායායාමේ අවධානම
(නාගොඩ සුමන උදයන්ත)
දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
ඒ අනුව නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර තිබේ.
නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50000ක් පමණ ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර තිබේ.
නාය යාමේ තර්ජනයට ලක් වූ නිවාස 1685ක ජනතාව නැවත පදිංචි කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

