Latestක්‍රීඩාදේශීය

මං අස්වෙන්නේ නැහැ – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

අද සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තරුණ කණ්ඩායම විසින් ඉදිරි ලෝක කුසලානයක් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය ගෙන ඒ යයි විස්වාසයෙන් බවද ඔහු පැවසීය.

සිම්බාබ්වේ දී පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ස්ථානය තරගාවලිය 12 වැනි ස්ථානයේ සිටියත් එම තරගාවලියෙන් පසු 09 වන ස්ථානය දක්වා පැමිණි බවත් ලෝක කුසලානයට ලංකාවට ඇතුළු වන්නේ එම ජයග්‍රහණ මානසිකත්වය බවත් ඔහු සඳහන් කළේය.

තමන් විසින් ගොඩ ගොඩනඟගන ලද තරුණ කණ්ඩායම තවත් වසර පහකින් සිටින ස්ථානය දෙස බලා සිටින්නැයි පැවසූ ඔහු තමන් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් නොවන බවත් අමාත්‍යවරයාට අවශ්‍ය නම් තමන් ධුරයෙන් ඉවත් කළ හැකි බවත් කියා සිටියේය.

දෙරණ රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *