පාසැල් සිසුවියන් පැහැරගත් කාන්තාව අත්අඩංගුවට
පාසල නිම වී නිවස වෙත යමින් සිටි සිසුවියක පැහැරගෙන යාමේ චෝදනාව මත කාන්තාවක් සහ ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ පදිංචිකාරිණියකි.
සිසුවිය පැහැරගෙන යාමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති සැකකාර පාසල් සිසුවෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර පාසල් සිසුවා ත්‍රිරෝද රථයකින් පැමිණ සිසුවිය පාසල නිමවී නිවස වෙත යමින් සිටියදී කළුතර හීනටියන්ගල ප්‍රදේශයේදී මෙලෙස පැහැරගෙනයාමට උත්සාහ දරා ඇත.
එය දුටු පාසල් සිසුවියගේ මිතුරියක් එම ස්ථානයට දිවවිත් ත්‍රිරෝද රථයට නැග තිබේ.
අනතුරුව සැකකාර පාසල් සිසුවා විසින් තමන්ට පහරදීමෙන් අනතුරුව කළුතර කිතුලාව ප්‍රදේශයේ පිහිටි අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ නිවස වෙත රැගෙන ගිය බවත් පොලීසිය වෙත පවසා ඇත.
මෙම සිදුවීම පිළිබඳව සිසුවියන්ගේ පාසලේ විදුහල්පතිට සැළවීමත් සමග ඒ පිළිබඳව කළුතර දකුණ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබේ.
එහිදී වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙහෙයුම අතරතුරදී ත්‍රිරෝද රථයකින් ගෙනවිත් සිසුවියන් දෙදෙනා කළුතර පොලිස් විද්‍යාලය ආසන්නයට ගෙනවිත් දමාගොස් සිටියදී පොලීසිය සොයාගෙන ඇත.
පාසල් සිසුවියන් දෙදෙනා රෝහල්ගතකිරීමටත් සැකකාර ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව ඇත.
කළුතර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

