නවසීලන්තය පරදා ඉන්දියාව ඉදිරියට
2023 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
නවසීලන්තය සමඟ වන්කඩේ ක්රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම සඳහා නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ, ලකුණු 327ක් පමණි.
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ ඩරිල් මිචෙල් ලකුණු 134ක් රැස් කළේය.
පන්දු යැවීමේ දී මොහොමඩ් ෂමි ලකුණු 57කට කඩුලු 07ක් දවා ගැනීමට සමත් විය.
කඩුලු 23ක් ලබා ගත් මොහොමඩ් ෂමි, මෙවවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණේ පසු වේ.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

