Latestදේශීය

නවක හෙද හෙදියන් 2519 කට අද පත්වීම්

මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම වෙනුවෙන් නවක හෙද හෙදියන් 2,519ක පිරිසකට අද (17) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙනු ඇති.

ඒ අනුව 2018 වසරේ බඳවා ගත් සිසු හෙද කණ්ඩායම යටතේ 2020 වසරේ ජනවාරි මාසයේ පුහුණුවීම් ආරම්භ කර සාර්ථකව පාඨමාලා සම්පූර්ණ කරන ලද සිසු හෙද හෙදියන් මෙහිදී පත්වීම් ලැබීමට නියමිත බවයි සඳහන් වන්නේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *