රොෂාන් ඉල්ලා අස්වෙන්න
රොෂාන් රණසිංහ මහතාට ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
නමුත් රොෂාන් රණසිංහ මහතා ඔවුන්ට සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් තමන්ගෙන් ඉල්ලා අස් වන්නැයි ඉල්ලීමක් කළහොත් පමණක් ඊට සූදානම් වන බවය.
මේ අතර ජනාධිපතිවරයාගෙන් ද එම මන්ත්‍රීවරුන් පිරිස රොෂාන් රණසිංහ මහතා ඉවත් කරන්නැයි ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහු ඉවත් කිරීම තරම් කාරණයක් මේ මොහොතේ පැන නැගී නැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමෙන් පසු එම ගැසට්ටුව ඉවත් කරන්නැයි ජනාධිපතිවරයා තමන්ට දැන්වූ බවත් ගැසට්ටුව ඉවත් නොකරන බවත් අවශ්‍ය නම් තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලෙස තමන් ජනාධිපතිට දැන්වූ බව ඔහු දන්වා මීට පෙර සදහන් කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

