Latestදේශීය

කොහොමද බන්දුල‌ගේ කතාව

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කස කරුවකු වී සිටින ඇමති බන්දුල ගුණවර්ධන මෙවර අයවැය ඓතිහාසික, රැඩිකල් සහ විප්ලවවාදී අයවැයක් බවට වර්ණනා කරන අතර 2048 දක්වා ණය ගෙවීමට බැඳී සිටින බව අවධාරණය කර තිබේ.

ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් 19 ඉරිදා සිළුමිණ පුවත්පත ප්‍රවෘත්ති වාර්තාකරුවකුගේ නම සඳහන් නොකර ප්‍රවෘත්තියක් ලෙස පල කර ඇත. එහිදී ඇමති බන්දුල ගුණවර්ධන අවධාරණය කර තිබෙන්නේ “කවුරු ආණ්ඩු කළත් 248 දක්වාම මේ ණය ගෙවීමට රට බැඳී සිටිනවා” යනුවෙනි.

මෙයින් පෙනී යන්නේ ගෙවී ගිය 75 වසරක කාලය සහ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමති ධුර සහ අගමැති ධුරයද දරමින් විපක්ෂ නායක ධුරයද දරමින් ගෙවී ගිය වසර 45ක කාලය තුළ රට හෙළා තිබෙන බියකරු ණය උගුලේ බරපතළ කමය. මෙම ණය නොගෙවන්නේ නම් ඒ පාර්ශවයට ආණ්ඩුව පවත්වා ගෙන යාමට හැකි වන්නේ සති දෙකක් පමණක් බවත් ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *