පිහිනුම් තටාකයකට වැටී අවුරුදු 6ක දැරියක් මියයයි
(සුමිත් පොතුපිටිය)
සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකට ඇදවැටී අවුරුදු 6 ක දැරියක මියගොස් ඇති බව බදුරලිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, වැලිවේරිය ඇඹරළුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී දනේෂි අරුද්‍යා නමැති දැරියක බව පොලිසිය කීය.
දෙමව්පියන් සමග , බදුරලිය, ඉලුක්පොත හෝටලයක විවේකයක් ගතකිරීම සදහා ඊයේ (17) පැමිණ සිටියදී නාන තඨාකයයේ ගිලී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සදහන් වේ.
බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

