Latestදේශීය

මහින්දගේ උපන්දින පාටියට වියදම අගමැති දිනේෂ්ගේ වැය ශීර්ෂයෙන් දරන්නේ කොහොමද?

මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමට සෘජුව දායක වූ වැරදි කරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙන අය අතරින් ප්‍රමුඛයෙකු වන මහින්ද රාජපක්ෂගේ මාසික පරිභෝජන වියදම් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ වැය ශීර්ෂයෙන් දරන බවට තොරතුරු අනාවරණය වේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ මහින්ද රාජපක්ෂගේ 78වෙනි උපන්දින සාදයට දරන ලද වියදම් හෙළි වීමත් සමගය. එම උපන්දින සාදය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් පැවතිණි. මෙම සාදය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් අගමැතිගේ වැය ශීර්ෂයෙන් දරා ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.

ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලයේ තොරතුරුවලින් හෙළි වන්නේ මහින්ද රාජපක්ෂගේ මාසික පරිභෝජන වියදම් සියල්ලද අගමැති දිනේෂ් ගුණවර්ධනගේ වැය ශීර්ෂය යටතේ දරා ඇති බවයි. එහෙත් අගමැති දිනේෂ් ගුණවර්ධන මෙය නොදැන සිටි බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී මහින්ද රාජපක්ෂ සිටින නිල නිවසට මාසිකව ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ යවා ඇති බව හෙළි වී ඇත. අගමැති දිනේෂ් ගුණවර්ධන තමන්ගේ වැය ශීර්ෂයෙන් මුදල් යෙදවෙන ආකාරය පවා නොදන්නා මට්ටමින් ක්‍රියා කිරීම විශ්මය ජනකය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *