Latestදේශීය

පී සී ට අයිස් මත්ද්‍රව්‍ය සැපයු පුද්ගලයා අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් පස්වරුවේ  අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු කොළඹ – 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි .

ඔහු සිය පවුලේ සාමාජිකයන් පිරිස සමග තායිලන්තයේ සංචාරය නිමා කර බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මොහු අත් අඩංගුවට ගෙන තිබේ .

 මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත භාර දී තිබේ .

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *