Latestදේශීය

යතුරුපැදි දෙකක් ගැටී ‌පොලිස් නිළධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මියයයි

(වන්නි රොමේෂ් මධුෂංක)

වව්නියාව ඒ- 9 ප්‍රධාන මාර්ගයේ ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

ඕමන්ත දෙස සට පොලිස් නිලධාරියා වව්නියාව දෙසට යතුරුපැදියෙන් ගමන්කොට ඇති අතර එහිදී වව්නියාව දෙස සිට ඕමන්ත දෙසට ගමන්ගත් තවත් යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය අනාවරනය කොට ගෙන ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනාම වව්නියාව මහරෝහලට ඇතුලත් කල අතර එහිදී පොලිස් නිලධාරියා රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බවටත් අනෙක් පැදිකරු රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගිය බවටද පොලීසිය පැවසීය.

පැවති වර්ෂාව හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකිවීම අනතරට හේතුව වශයෙන් පොලීසිය සැකපල කරන අතරම අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිඔය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි දිසානායක නැමති පොලිස් නිලධාරියෙකු සහ ශාන්තසෝලෙයි ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ෂන්මුගනාදන් නැමති අයෙකු බවට පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *