රොෂාන් ගුණතිලක බස්නාහිර ආන්ඩුකාර ධූරයෙන් ඉවතට?
හිටපු හමුදා ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර තානාපති ධුරයක් ලබා දීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
බස්නාහිර ආණ්ඩුකාර ධුරය සඳහා දැනට ඌව පළාතේ ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා පත්කිරීමට සූදානමක් තිබේ.
ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා දැනට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පත් කිරීමට යෝජනා වී ඇත.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස මෑතකදී පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමි වූ නසීර් අහමඩ් මහතා පත් කෙරෙනු ඇති බව ද වාර්තා වෙයි.
එළඹෙන වසරේ මුලදී මෙම පත්කිරීම් සිදුකිරීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

