ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හේතුවෙන් සැපයුම් අංශයේ 4ක් අත්අඩංගුවට
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අංශයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ.
වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂවරයා, සහකාර අධ්‍යක්ෂවරිය, ගණකාධිකාරිවරයා හා තොග පාලකවරයා මෙමෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, මෙරට එම සමාගමේ හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇති බව වැඩිදුර පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

