අඟුරුවාතොට කුඹුරු යායක පුද්ගලයෙකුගේ මළසිරුරක්
අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට අඟුරුවාතොට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත.මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරිය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

