ඊශ්‍රායලය විසින් මරණයේ කලාපයක් කළ අල් ශිෆා රෝහල
ගාසා හි අල් ශිෆා රෝහල් පරිශ්‍රය මරණ කලාපයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
රෝහල් පරිශ්‍රයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් වීමෙන් පසුව සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කර තිබුණි.
රෝහල් පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාර කිහිපයක්ම එහිදී ඔවුන් විසින් නිරීක්ෂණය කර ඇති අතර රෝහල් පිවිසුම ආසන්නයේ සමූහ මිනී වළක් ද දක්නට ලැබී ඇති බව සඳහන් වෙයි.
ඒ තුළ පුද්ගලයින් 80 දෙනෙකුගේ පමණ මළ සිරුරු වන බව වාර්තා වී ඇත.
මේ වන විට අල් ශිෆා රෝහලේ රැදී සිටි රෝගීන් ඇතුළු පිරිස් එම රෝහලෙන් ඉවත් වෙමින් සිටින අතර බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් 300 දෙනෙකු පමණ එහි රැඳී සිටින බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

