Latestදේශීය

පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද (20) කැඳවා තිබෙනවා.අද දහවල් 12.00 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ.

මෙම රැස්වීම කැඳවා ඇත්තේ කෝප් කමිටුවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.වත්මන් කෝප් කමිටුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැත්නම් එය විසුරුවා ඒ සඳහා නව සාමාජිකයින් පත්කරන්නේද යන්න පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විමර්ශනයට අදාළව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සම්බන්ධයෙන් මතු වූ විවේචනාත්මක තත්වයෙන් පසු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නොපවත්වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *