Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාවට  ක්‍රිකට් ලෝක කුසලානය අහිමිවෙයි

අද දින රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  අත්හිටුවීමට ගත් තීරණය තවදුරටත් ස්ථිර කරනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට  ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වීමේ අවස්ථාව ඇති  නමුත්  රජයේ බලපෑම්වලින් තොරව තම කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම හේතුවෙන් පනවා තිබූ අත්හිටුවීම තවදුරටත් බලපැවැත්වීමට තීරණය කළා.


ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබා දෙන මූල්‍ය ප්‍රදානයන් පාලනයකට යටත් කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති අතර ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ දහනවයෙන් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කොට දකුණු අප්‍රිකාවට ලබාදීමට තීරණය කර තිබෙන බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *