හිඟයකින් තොරව ඖෂධ සැපයීම සිදු කරනවා – සෞඛ්‍ය ලේකම්
හිඟයකින් තොරව ඖෂධ සැපයීම සඳහා උපරිම කැපවීමෙන් යුතුව කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා ඇත.
නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස ඊයේ (20) වැඩ භාර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමග පැවති රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
නියමිත වේලාවට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වීමට ද කටයුතු කරන බව මෙම රැස්වීමේදි වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට ද සෞඛ්‍ය ලේකම්වරයා තීරණය කර තිබෙන බව සඳහන්.
අමාත්‍යාංශය මගින් ජනතාව වෙත ලබාදෙන සේවා කාර්යක්ෂමව සහ ජනතාවාදීව ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බවද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

