ඉන්දීය පරාජය දරාගත නොහැකිව පරිඝණක ඉංජිනේරුවරයකු මියයයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මියගියේ 35 හැවිරිදි ජෝති කුමාර් යාදේව් නැමති තරුණයෙකි. මොහු තිරුපති දුර්ගා සමුද්‍රම් ගම්මානයේ පදිංචිකරුවෙකු බවත් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුයකු බවත් පැවැසෙයි.
ජෝති කුමාර් යාදේව් අවසන් මහා තරගය නරඹමින් සිට ඇත්තේ රූපවාහිනියෙනි.
ඉන්දීය කණ්ඩායම පරාජය වෙද්දී, සිහිසුන් වී පුටුවෙන් ඇද වැටුණු ජෝති කුමාර් වහා රෝහලට ගෙන යන ලදී. රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පැවැසෙයි.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

