ගාසා වෛද්‍ය මධ්‍යස්ථාන වලට තවදුරටත් ඊශ්‍රායල් ප්‍රහාර
ගාසා තීරුවේ අල් ෂීෆා රෝහලට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරයකින් පුද්ගලයන් දොළොස් දෙනකු මියගොස් ඇති අතර තම කාර්ය මණ්ඩල එම රෝහලෙන් පිටතට ගැනීමට නොහැකිව සිටින බව දේශසීමා රහිත වෛද්‍යවරුන් උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
අල් ෂීෆා රෝහලේ සහ ඉන්දුනීසියානු රෝහලේ සිය ගණනක් දෙනා කොටුවී සිටින බවත් ගාසා තීරය රාත්‍රිය පුරා ඊශ්‍රායල් ප්‍රහාරවලට තවදුරටත් ලක්වෙමින් පවතින බවත් වාර්තා වේ.
අල් ජසීරා පුවත් සේවයට අනුව 13,300 කට වඩා වැඩි පිරිසක් ඔක්තෝබර් 7 වැනිදා සිට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාර වලින් මිය ගොස් තිබෙන බව ගාසා හි රාජ්‍ය මාධ්‍ය සඳහන් කර තිබේ.
හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් 1200 ක පමණ පිරිසක් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

