2023 වසරේ අපේක්ෂිත බදු ආදායම ට්‍රිලියන 3 ක් – ඩබ්.එම්.ජී. කුමාරතුංග
2023 වසර අවසන් වන විට රුපියල් ට්‍රිලියන තුනක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ, ආර්ථික ස්ථායීකරණ ඒකකයේ අධ්යක්ෂ, ඩබ්.එම්.ජී. කුමාරතුංග සඳහන් කර තිබේ.
දෙසැම්බර් 31 වනදා වන විට රුපියල් බිලියන 2700 කින් පමණ රාජ්‍ය ආදායමට දායකත්වයක් ලැබෙන බවත් බදු නොවන ආදායම් සමඟ ට්‍රිලියන 3 ඉක්මවන ආදායමක් අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ට්‍රිලියන 3 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකි වුවහොත් එය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කිරීම දක්වා රටේ ආර්ථිකය නගාසිටුවීම හේතුවන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

