විහාරමහාදේවී උද්‍යානය කොළඹ මහ නගර සභාව භාරයට
විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ නගර සභාව සතුව පැවති විහාර මහා දේවී උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබීය. ඒ සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන්.
සංවර්ධන කටයුතු සදහා පවරා ගනු ලැබූ මෙම උද්‍යානය එම කටයුතුවලින් අනතුරුව යළි කොළඹ මහ නගර සභාවට යටතට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ අනුව විහාරමහාදේවී උද්‍යානයට අයත් අක්කර 54ක විශාලත්වයකින් යුත් භූමි ප්‍රදේශය කොළඹ මහ නගර සභාවට යළි හිමිවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

