Latestදේශීය

අස්වැසුම වාරික ගෙවීම් හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා සැප්තැම්බර් මසට අදාල වාරික මුදල් හෙට(23) සිට ලබා ගැනීමේ හැකියාව පවතින බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල මේ වනවිටත් බැංකු වෙත මුදා හැර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කර නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඒම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *