Latestදේශීය

උසස් පෙළ විභාගයට දින නියම වේ

මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුණු අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කරගෙන ඇති බවද සඳහන් වේ.
ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *