Latestවිදේශීය

ගාසා ප්‍රහාර නතරකරන්න සූදානම් – ඊශ්‍රායලය

දින කිහිපයකට ගාසා ඉලක්ක වෙත ප්‍රහාර නතර කිරීමට ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලය එකඟතාව ලබාදී තිබේ.

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයේ සාමාන්‍ය ජනතාව වෙත එල්ල කරන අමානුෂික ප්‍රහාරයන් පිළිබදව මේ වන විට ලොව පුරා ජනතාව සිය අප්‍රසාදය පල කරමින් සිටින අතර එක්සත් ජාතින්ගේ සංවිධානයද ඊශ්‍රායල් පහරදීම් නතර කිරීමට බලපෑම් කරමින් සිටී. නමුත් පසුගිය කාලය පුරාම රෝහල් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ප්‍රහාර තීව්‍ර කළ අතර 5000කට අධික කුඩා දරුවන් සංඛ්‍යාවක් ගතවූ දින 45ක කාලය තුළ ඊශ්‍රායල් හමුදාව විසින් මරා දමන ලදි.

මේ තත්ත්වය තුළ ඊශ්‍රායල් කැබිනට් මණ්ඩලය ගත් මෙම තීරණය ලෝක දේශපාලනය නව දිශාවකට යොමු කරනු ඇති.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *