නාමල් ඡන්දය මගහරිද්දී මහින්ද අයවැයට පක්ෂව ඡන්දය දෙයි
ඊයේ (21) පැවති 2024 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති, අගමැති මෙන්ම මුදල් ඇමතිද වන පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ අයවැයට පක්ෂව ඡන්දය ලබාදී තිබේ.
පසුගිය 2015 – 2019 මෛත්‍රී+රනිල් පාලන සමයේ පැවති සෑම අයවැය ඡන්ද විමසීමේ අවස්තාවකදීම එම ඡන්ද විමසීමේ අවස්ථාව මගහැර ගොස් සිටි ඔහු මෙරව පොහොට්ටු+රනිල් ආණ්ඩුවේ අයවැයට මෙලෙස ඡන්දය ලබාදීම විශේෂත්වයකි. තවද මන්ත්‍රී නාමල් නාමල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන රාජ පක්ෂ පවුලේ දෙදෙනා අයවැයට ඡන්ද නොදී මගහැර සිටීමද මේ වනවිට දේශපාන විචාරයකියන් අතර කතාබහට ලක්වෙමින් තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

